පානදුර දකුණ පොලිස් වසමට අයත් වෑකඩ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දින උදෑසන කාලයේදී සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ පුද්ගලයා සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75 ක් එනම් බෝතල් 100 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු වෑකඩ තැන්පත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විසින් ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
















