කොල්ලුපිටිය පොලිස් වසමේදී සිදු කරන ලද වැටලීමකදී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. 2026 මැයි 13 වන දින සිදු කරන ලද මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී තීරුබදු රහිත දුම්වැටි 1012ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 25ක් වන චීන ජාතිකයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














