ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බඩෝවිට ප්‍රදේශයේම පදිංචිව සිටි 54 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
පොලිස් පරීක්ෂණවලට අනුව මෙම පුද්ගලයා අදාළ නිවසේ තනිවම පදිංචිව සිට ඇති අතර, මෘත ශරීරය සොයාගන්නා අවස්ථාවේදී ඔහුගේ ගෙල ප්‍රදේශයේ කුඩා කැපුම් තුවාලයක් ද පවතින බව නිරීක්ෂණය වී ඇත. මේ හේතුවෙන් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව පොලීසියේ දැඩි සැකය යොමුව තිබේ. වර්තමානය වන විට මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.














