ඉරානයේ “යුද යාන්ත්‍රණය” (War Machine) වෙත ගලායන මූල්‍ය ප්‍රතිපාදන මුළුමනින්ම අහුරා දැමීම සඳහා ඇමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක ක්‍රමවේදය ඒ අයුරින්ම අනුගමනය කරන ලෙස ජී-7 (G7) කණ්ඩායමට අයත් රටවල මුදල් ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් (US Treasury Secretary) ස්කොට් බෙසන්ට් (Scott Bessent) මහතා අද (18) ප්‍රකාශ කළේය. ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ජී-7 මුදල් ඇමැතිවරුන්ගේ සහ මධ්‍යම බැංකු අධිපතිවරුන්ගේ තීරණාත්මක සමුළුවට සහභාගී වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම්වරයා, පසුගිය සතියේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් චීනයේ සිදුකළ නිල සංචාරය ද මුළුමනින්ම “ඉතා සාර්ථක” වූ බව ද තහවුරු කළේය. බටහිර බලවතුන් සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරානය ආර්ථික වශයෙන් තනි කරමින් ඔවුන්ගේ යුද ශක්තිය බිඳ දැමීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ ජී-7 මිත්‍ර රටවල් ඒකාබද්ධ මූල්‍ය උපායමාර්ගයක් ඔස්සේ කටයුතු කිරීමේ වැදගත්කම මෙම සමුළුවේදී ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.














