මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආනයනික පිටිකිරි (Imported Milk Powder) මිල ගණන් අද (20) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව ආනයනකරුවන් සහ නිලධාරීන් තහවුරු කර තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සහ ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ මෙම මිල සංශෝධනය සිදුව ඇති බව වාර්තා වේ.
නව මිල සංශෝධනයට අනුව, මෙතෙක් පැවති මිලට වඩා ග්‍රෑම් 450 ආනයනික පිටිකිරි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත. මීට අමතරව කිලෝග්‍රෑම් 1ක (1kg) ආනයනික පිටිකිරි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ නංවා ඇති බව ද සනාථ කර තිබේ. දෛනික ජීවන වියදම ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට මෙම නව පිටිකිරි මිල ඉහළ යාම තවදුරටත් දැඩි බරක් වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.














