බීජිං නුවරදී පැවැති ඒකාබද්ධ සමුළුවකදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ගෝල්ඩන් ඩෝම්’ (Golden Dome) මිසයිල ආරක්ෂක පද්ධති සැලැස්ම සහ වොෂින්ටනයේ ‘වගකීම් විරහිත’ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කර තිබේ.
මෙම මිසයිල මැඬලීමේ පද්ධතිය ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වයට තර්ජනයක් බව දෙරටේ නායකයන් ප්‍රකාශ කළහ. රුසියාව සහ අමෙරිකාව අතර පැවැති අවසාන න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම අලුත් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා අපොහොසත් වීම ද ඔවුන්ගේ විවේචනයට ලක්විය. ඉරාන සහ යුක්‍රේන යුද ගැටුම් මධ්‍යයේ ගෝලීය ස්ථාවරත්වයේ කුළුණක් ලෙස චීනය ඉදිරියට පැමිණ ඇති බව මෙම රාජ්‍යතාන්ත්‍රික සතියෙන් පෙනී යන අතර, 2022 වසරේදී අත්සන් කළ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම මත පදනම්ව චීන-රුසියානු සබඳතාව තවදුරටත් ශක්තිමත් බව නායක දෙපළ අවධාරණය කළහ.














