“Rebuilding Sri Lanka” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ” වැඩසටහනේ තවත් අදියරක් මැයි මස 24 වන දින පෙරවරු 9.30 ට හාලිඇල බෝගොඩ විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන මෙම විශේෂ අවස්ථාව සඳහා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.














