කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ ද්වාරය අසල පවතින අධික රථවාහන තදබදයක් හේතුවෙන්, 18 කණුව ප්‍රදේශයේ සිට ගුවන්තොටුපොළ දෙසට ගමන් කිරීම සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, එම කලාපයෙන් ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ ගුවන්තොටුපොළ වෙතම ගමන් කරන වාහනවලට පමණක් බව පොලිසිය අවධාරණය කරයි.
ගුවන්තොටුපොළ වෙත නොයන, එම මාර්ගය භාවිත කිරීමට පැමිණෙන අනෙකුත් සියලුම වාහන මීගමුව දෙසට දිවෙන පිටවීමේ මඟ (Off-Ramp) ඔස්සේ විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා සිටියි.














