කැබ් රථයක ගැටී පාපැදිකරුවෙකු මියයෑමේ සිද්ධියක් සාමාන්‍ය රිය අනතුරක් නොව, පැරණි කෝන්තරයක් මත පදනම්ව ඉතා සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බව සන්දිවේලි පොලිසිය මඟින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සන්දිවේලි පොලිස් වසමේ මොරකොටන්චේන කළුවන්කේණි මාර්ගයේදී ඊයේ (22) උදෑසන මෙම අනතුර සිදුවී තිබූ අතර, කැබ් රථයේ දරුණු ලෙස ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පානගමුව ප්‍රදේශයේ පදිංචි forty-four හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සිදුවූ අවස්ථාවේ සිටම මරණකරුගේ බිරිඳ සහ දරුවා විසින් මෙම සිදුවීම දැඩි ලෙස සැකකටයුතු බවට පොලිසියට ප්‍රකාශ ලබාදී තිබූ අතර, ඒ ඔස්සේ තාක්ෂණික සහ විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවමින් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී අනාවරණය වී ඇත්තේ මෙය අහඹු අනතුරක් නොව, සැකකරු සහ මරණකරු අතර පැවති පැරණි පෞද්ගලික ආරවුලක් පියවීම සඳහා රථවාහන අනතුරක් ලෙස පෙන්වමින් සිදුකළ ඝාතනයක් බවයි. අනතුර සිදුකිරීමෙන් පසු වහාම ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි twenty-four හැවිරිදි කැබ් රථ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සන්දිවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














