• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරු ජනතාවගේ ආරක්ෂාව සහ ඉඩම් ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

23 May 2026
in දේශීය, පුවත්
වතු කම්කරු ජනතාවගේ ආරක්ෂාව  සහ ඉඩම් ගැටලුවලට  තිරසාර විසඳුම් සෙවීමට  පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වතු කර්මාන්තය තුළ සේවයේ නියුතු මලයාහ ජනතාව මුහුණ දෙන ආරක්ෂක ගැටලු සහ ඉඩම් ආරවුල් පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2026-05-21) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. මීට අමතරව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම යන පළාත් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, වතු සමාගම් නියෝජිතයින්, වතු අධිකාරීවරුන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
වතු කම්කරු ජනතාව මුහුණ දෙන ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ පසුගිය සමයේ ඉඩම් ආරවුල් මුල් කරගනිමින් සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද විවිධ අදහස් පළවූ අතර, ඊට කඩිනමින් මැදිහත් වන බවට අමාත්‍යවරයා දුන් පොරොන්දුවට අනුව ශ්‍රී ලංකා පොලීසිය මැදිහත් වී අදාළ පහරදීම් සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම ගැටුම්වලට මූලික හේතුව වී ඇති ඉඩම් ගැටලුවලට තිරසාර විසඳුමක් ලබාදීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා දැඩිව අවධාරණය කළේ කිසිදු පාර්ශ්වයකට නීතියෙන් පිටත කටයුතු කිරීමට ඉඩ නොතබන බවයි. වතු අධිකාරීවරුන්ට මෙන්ම වතු ක්ෂේත්‍රයේ සේවය කරන සාමාන්‍ය කම්කරු ජනතාවට ද නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් ඇති බැවින් සියලු ගැටලු නීතිමය රාමුව තුළ හිඳිමින් විසඳාගත යුතු බව හෙතෙම කියා සිටියේය. එමෙන්ම, මෙවැනි පහරදීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවහොත් තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පොලීසියට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 0
Previous Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් යැයි සැකකෙරෙන රෝගීන් 116 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්

Next Post

ඩොලරයේ සීඝ්‍ර ඉහළ යාම හමුවේ මහ බැංකු අධිපති සහ බැංකු ප්‍රධානීන් අතර හදිසි සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි ඇතැමුන් නැඟූ චෝදනාවලට  ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින්  මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  සහ කියුබානු තානාපතිනිය අතර  පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍යයට  කෘතිම බුද්ධියේ අවශ්‍යතාව  ඇමති නලින්ද  ජිනීවාහිදී පහදයි

සෞඛ්‍යයට කෘතිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද ජිනීවාහිදී පහදයි

23 May 2026
ශ්‍රී ලංකාවට IMF වෙතින්  ඩොලර් මිලියන 700ක්  ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

ශ්‍රී ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක සමාලෝචනය සම්පූර්ණ කිරීමට ප්‍රධාන කොන්දේසි 3ක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved