විදේශයක සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “දෙහි බාලේ” නැමැත්තාගේ මෙරට ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව ප්‍රදේශයේ පදිංචි “ජනා” නමින් ප්‍රසිද්ධ 21 හැවිරිදි තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔවුන් සතුව තිබූ විශාල අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟයි. දිගු කලක් තිස්සේ පොලිසිය විසින් සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර “දෙහි බාලේ” ගේ උපදෙස් පරිදි මොවුන් දිවයින පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතු මත්ද්‍රව්‍ය ජාලය සහ ඔවුන්ට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වනු ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.














