මැකාවෝ රාජ්‍යයේදී පැවති 2026 ආසියා කලා සම්මාන උළෙලේදී (Asia Art Awards), ‘රිවස්ටන්’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රවීණ කැමරා ශිල්පී ප්‍රභාත් රෝෂණ මහතා හොඳම කැමරාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. අභියෝගාත්මක පරිසරයන් තුළ රූප රාමු පෙළගස්වමින්, දැකුම්කලු සහ කලාත්මක ලෙස කැමරාව හැසිරවීමේ සිය විශිෂ්ට කෞෂල්‍යය වෙනුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීම ඔහුට හිමිවිය. ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට රිවස්ටන් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රභාත් රෝෂණ මහතා සිදුකළ මෙම කැපවීම සහ දායකත්වය සැබැවින්ම අගය කළ යුත්තකි.














