සයිප්‍රසයේ 2026 පාර්ලිමේන්තු මැතිවරණය අද (මැයි 24) උදෑසන ආරම්භ විය. මෙරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 56ක් සඳහා අපේක්ෂකයින් 753 දෙනෙකු තරඟ වදින අතර, ලියාපදිංචි ඡන්දදායකයින් ලක්ෂ 5කට අධික පිරිසකට සිය ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙම මැතිවරණය, ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩූලයිඩ්ස් (Nikos Christodoulides) ගේ පාලනය කෙරෙහි ජනතා විශ්වාසය මැන බැලීමේ මිනුම්දණ්ඩක් ලෙස සැලකේ. ජනාධිපතිවරයාට ස්වාධීන පක්ෂයක් නොමැති හෙයින්, වත්මන් රජය පවත්වාගෙන යාම සඳහා වෙනත් පක්ෂවල සහයෝගය මත ඔහුට යැපීමට සිදුවී ඇත. කෙසේ වෙතත්, වත්මන් දේශපාලන පසුබිම තුළ දූෂණ විරෝධී ක්‍රියාකාරීන් සහ අන්ත දක්ෂිණාංශික පක්ෂවලට මෙම මැතිවරණයෙන් ජයග්‍රහණ අත්කර ගත හැකි බවට දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පළ කරයි.දේශීය ජීවන වියදම ඉහළ යාම සහ දූෂණය තුරන් කිරීම මෙවර මැතිවරණයේ ප්‍රධානතම මාතෘකා බවට පත්ව ඇත. ඡන්ද විමසීම අද පස්වරු 6.00 දක්වා පැවැත්වීමට














