මහනුවර ඊ.එල්. සේනානායක වීදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යාබදව තිබූ මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර ඊයේ (24) පෙරවරු 11.30ට පමණ සිදුව ඇති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිසිය පවසන පරිදි, අදාළ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිටතට නෙරා තිබූ කොන්ක්‍රීට් කොටසක් හදිසියේම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. කඩා වැටුණු කොන්ක්‍රීට් කොටසකට යටවී සිටි අයෙකු අවට සිටි පිරිස් විසින් වහාම බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතියි














