ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නිර්දේශය සලකා බැලීමෙන් පසු පසුගිය සිකුරාදා (22) රැස් වූ ව්‍යවස්ථාදායක සභාව මෙම අනුමැතිය ලබා දුන්නා.
අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකුව සිටි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා විශ්‍රාම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා යසන්ත කෝදාගොඩ මහතා පත් කෙරේ. අගවිනිසුරුවරයාට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ලෙස ඔහු කටයුතු කරයි. රජයේ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ඒ මහතා, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පදවියට පත් විය. ඉන් අනතුරුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවා.














