“සුරක්ෂිත ඉඩමක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ රජයේ ඉඩම් සඳහා නිරවුල් හිමිකාරිත්වය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “වයඹ අරුණැල්ල” වැඩසටහන කුරුණෑගල, ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් නිල වශයෙන් ආරම්භ විය.
වයඹ පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව සහ ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් 110 දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
මෙම වැඩසටහන හරහා ඉඩම් බලපත්‍ර නොමැති ප්‍රතිලාභීන් 2,000කට ඉදිරියේදී බලපත්‍ර ලබාදීමට කටයුතු යොදා ඇති බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් ආර්. එම්. එන්. ප්‍රේමසිරි මහතා සඳහන් කළේය. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.














