ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් අද (27) සිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.
අභිත්ථරේථ කල්‍යාණේ’ යන බුදු වදන පාදක කරගනිමින් “පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු” යන සමාජීය පණිවිඩය මුල්කර ගනිමින් මෙය සංවිධානය කර ඇත.අද (27) සිට ජූනි මස 02 වැනි දින දක්වා මාතර දිස්ත්‍රික්කය පුරා විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ.
රාජ්‍ය වෙසක් මහෝත්සවයේ ප්‍රධාන සමාරම්භක උළෙල අද තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.














