මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ජල කප්පාදුව සිදු කෙරෙන කාලසීමාව
අද (27) පස්වරු 07.00 සිට හෙට (28) පෙරවරු 07.00 දක්වා.
මෙම ජලනළ විතැන් කිරීමේ කටයුත්ත හේතුවෙන් අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.














