පොලිස්පතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ. කොට්ඨාස මට්ටමින් සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම මෙහෙයුම්වල 2026 මැයි 27 දිනට අදාළ දත්ත වාර්තා පහත පරිදි වේ.
මෙම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 26,785 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. ඉන් අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 632 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එමෙන්ම පවතින විවෘත වරෙන්තු මත පුද්ගලයින් 178 දෙනෙකු සහ දින වරෙන්තු මත පුද්ගලයින් 276 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
රථවාහන නීති උල්ලංඝනය කිරීම් සහ රිය අනතුරු අවම කිරීම අරමුණු කරගනිමින් සිදු කළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 91 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට පත්විය. මීට අමතරව අනෙකුත් රථවාහන නීති උල්ලංඝනය කිරීම් 4,226ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.














