ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී ඇති අතර, එය 2% ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම මිල ඉහළ යාම සමඟ අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය සහ බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය යන දෙකෙහිම අගයන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.37කින් හෙවත් 2.71%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 89.73ක් ලෙස සටහන් විය. එමෙන්ම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.16කින් හෙවත් 2.37%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 93.28ක් දක්වා ඉහළ ගොස් ඇත.
















