අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නල මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (05) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරන කාලසීමාව තුළ මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව නතර වනු ඇත.
















