රජය විසින් රේගු බදු අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තද, ඉන් අපේක්ෂා කළ මට්ටමින් මෙරටට වාහන ආනයනය කිරීම සීමා වී නොමැති බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ මෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මතු වන ආර්ථික පීඩනය අවම කිරීම, වෙළෙඳපොළ තුළ පවතින දැඩි තෙරපුම පාලනය කිරීම සහ ඩොලර් සඳහා ඇති ඉල්ලුම සීමා කිරීමේ අරමුණින් මෙම බදු සංශෝධනය සිදු කළද, ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් තැබූ අපේක්ෂාවන් එම මට්ටමින්ම සාක්ෂාත් වී නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
රේගු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව පෙනී යන්නේ, වාහන ආනයනය කිරීම බලාපොරොත්තු වූ පරිදි පහළ බැසීමක් සිදුව නොමැති අතර අදාළ මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත සැබෑ ප්‍රතිඵල මෙතෙක් සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
















