සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ. සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් තරගය අඛණ්ඩව බාධා ඇති වූ අතර, අවසානයේ එරට වේලාවෙන් පස්වරු 06.35ට පමණ විනිසුරුවරුන් විසින් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කරන ලදී.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබිණි. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය, මේ වන විට තරග 1-0ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වේ. දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගය එළඹෙන 09 වැනි දින පැවැත්වීමට නියමිතය.
















