බුලත්සිංහල ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක් තුළ තිබී කාන්තාවකගේ සහ ඇයගේ සැමියාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
ලැබුණු තොරතුරකට අනුව බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ සිදුකරමින් සිරුරු සොයාගෙන ඇත. මියගිය අය 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 61 හැවිරිදි සැමියා බව හඳුනාගෙන තිබේ.
මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම සිද්ධිය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදුවූවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
















