ජපාන මහ බැංකුව විසින් එරට ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙය පසුගිය වසර 31ක කාලය තුළ ජපානයෙන් වාර්තා වූ ඉහළම ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස සැලකේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මතුව ඇති බලශක්ති අර්බුදය මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉරානය සහ ඇමරිකාව අතර පැවති යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය කරුණු හේතුවෙන්, දශක ගණනාවක් පුරා අවධමන (deflation) ආර්ථිකයක් පැවති ජපානය මේ වන විට උද්ධමනය කරා ප්‍රවේශ වෙමින් පවතින බවයි.
















