රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඇය පවසා ඇත්තේ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අතිශය අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවයි.
තම සැමියා දරුණු ලෙස ඉරුවාරදය (Migraine) රෝගයෙන් පීඩා විඳින බවත්, පවතින තත්ත්වය හමුවේ ඔහු ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් මනෝරි සලේ මහත්මිය සඳහන් කළාය. එමෙන්ම, සුරේෂ් සලේ මහතා බාත්රූම් එක අසල රැඳී සිටින බවත් ඔහු දැඩි අපහසුතාවයකින් පසුවන බවත් ඇය කියා සිටියාය.
මෙහිදී වඩාත් ආන්දෝලනාත්මක අනාවරණය සිදුකරමින් ඇය පැවසුවේ, සුරේෂ් සලේ මහතා CID භාරයේ සිටියදී ඔහුව නිරුවත් කර ‘ඩීප් චෙක්’ (Deep Check) පරීක්ෂණයකට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගෙන ඇති බවයි. තම සැමියාට එල්ල වන මෙම නීතිමය හා මානුෂීය බලපෑම් හමුවේ ඔහුගේ සෞඛ්‍යය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව ඇය වැඩිදුරටත් කියා සිටී.
















