අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී ඇත. සමස්තයක් ලෙස විකුණුම් අනුපාතිකය රුපියල් 341.00 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතිය ද, සෙලාන් බැංකුවේ අනුපාතවල වෙනසක් වාර්තා වේ.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 330.75 සිට 331.75 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 341.00 සිට 342.00 දක්වාත් ඉහළ ගොස් තිබේ.
















