• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධුජිත් (විකට) නළුවෙක් කළ පින්තුර මෙහෙයුමත් අල වෙයි

සිනහවෙන්නට නොව අඬන්නටය

29 June 2026
in දේශීය, පුවත්
මධුජිත් (විකට) නළුවෙක් කළ පින්තුර මෙහෙයුමත් අල වෙයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
සීතාවක රාජසිංහ රජුගේ විශ්වාසය දිනාගත් අරිට්ඨ කී වෙංඩු පෙරුමාල් නම් දකුණු ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයෙක් සිට ඇත. ඔහු පසුව මනම්පේරි මොහොට්ටි නමින් රජුගේ මහාමාත්‍යවරයා බවටද පත්ව තිබේ. අරිට්ඨ කී වෙංඩුගේ බලපෑම මත ශිව දෙවියන් ඇදහීමට පටන්ගත් රජුට, ශිව දෙවියන් වෙනුවෙන් අතිවිශාල කෝවිලක් ඉදි කිරීමේ ආශාවක් විය. ඉදිකිරීම් ආරම්භ කර විශාල කාලයක් ගතවූ නමුත් රජුගේ මරණය තෙක්ම ඉදිකිරීම් අවසන් කළ නොහැකි වූ මෙම ඉතිහාසගත කෝවිල, අවිස්සාවේල්ල, සීතාවක ප්‍රදේශයේ පිහිටා තිබෙන බැරැන්ඩි කෝවිලය.
මෙම කෝවිල ඉදිකිරීමේ ආරම්භයත් සමග රජුට ආශීර්වාදය පතා කැළණි ගඟ මැද පාවෙන මණ්ඩපයක සිට මහා දේව යාගයක් සිදුකිරීමටද අරිට්ඨ කී වෙංඩු කටයුතු කර තිබුණි. රාජා හෝ, මා හෝ, ගංගා හෝ, යාගය යන නමින් ප්‍රසිද්ධ මෙම යාගය කට්ට කයිරාටික අරිට්ඨ කී වෙංඩු පන්නයේ පුරෝහිතයන්, රජවරුන් පවා රවටන ආකාරයට ඓතිහාසික උදාහරණයක් ලෙස අදටත් දනන් තුඩ තුඩ රැව් දෙන්නකි.
රාජ සැලකිලි ලබමින් වැජඹුණ අරිට්ඨ කී වෙංඩුට මෙම ව්‍යාජ යාගය හෝ බැරැන්ඩි කෝවිල ඉදිකිරීම අවසන් කිරීමට කිසිම අදහසක් තිබී නැත. ඒ වෙනුවට ඔහු නිරන්තරයෙන් මතුරමින් සිට ඇත්තේ රාජා හෝ, මා හෝ, ගංගා හෝ යන පාඨයයි. එහි අදහස කාලය ගතවීමත් සමග එක්කෝ රජු මියයාමෙන්, නැතහොත් අරිට්ඨ කී වෙංඩු මිය යාමෙන්, හෝ ගඟ උතුරා ගොස් යාගය පවත්වන මණ්ඩපය විනාශ වී යාමෙන්, මෙම කටයුත්ත අවසන් වන බවය.
ඉතිහාසය නැවත නැවත පුනරුච්චාරණය වන බව කියනු ලැබේ. අප මෙම දීර්ඝ නමුත් ඉතා වැදගත් පූර්විකාව ලියන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අරභයා රාජා හෝ, මා හෝ, ගංගා හෝ පන්නයේ තක්කඩි ක්‍රියාවන් මගින් පාලකයන් ඇන්දවීමේ ක්‍රියාවන් රාශියක් වර්තමානයේදීද ක්‍රියාත්මක වෙමින් පවතින නිසාවෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවය අවසන් වූ වහාම එකී කටයුත්ත සිදුකළ කෙරුමන් නම් අපිමැයි යනුවෙන් වන ෆේස්බුක් පෝස්ටුවක් විශ්වවිද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධියට පත්කර තිබෙන අයුරු දැකගන්නට ලැබේ.
කුමාරතුංග මුනිදාසයන්ගේ හීන් සැරය පොතේ අලි රාලහාමි විසින් ගහ කොළ කඩා බිඳ වනසා දමා තිබෙන තැන සිට හිවල්හාමි කියන මේවා අලින්ගේ අපේ වැඩයැයි යන කියමන සිහිගන්වන මෙම කටයුත්ත වර්තමාන කළමනාකරණ ක්‍රමවේදයන්හි ප්‍රධාන භාවිතාවක් වන Team Work යන්නට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙනහැර පායි.
උපාධි ප්‍රදානෝත්සවයක් සාර්ථක කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ පහළම සනීපාරක්ෂක කම්කරුවාගේ සිට පාලක සභා සාමාජිකයා දක්වා වන කුදු මහත් පිරිසක් දහදිය කඳුළු වගුරන බව නොදන්නෝ නොවෙති. එවැනි සාමූහික කටයුත්තක් මේවා අලින්ගේ අපේ වැඩයැයි කියමින් තම නම ඉදිරියේ ලියාගන්නට තැත් කිරීම සිඟිති ආතල් පන්නයේ වැඩක් බව නොකියා නොහැකිය.
ෆොටෝ ෂොප් වැනි මෘදුකාංගයක් හෝ AI මගින් නිර්මිත බව පෙනෙන මෙහි පළමු ඡායාරූපයේ පුද්ගලයන් 11 දෙනෙකු පෙනී සිටී. එම එකොළොස් දෙනා සමන්විත වන්නේ පීඨාධිපතිවරුන් 9 දෙනා, සහ උපකුලපති සහ නියෝජ්‍ය උපකුලපතිගෙන්ය.
දෙවැනි ඡායාරූපයේ පුද්ගලයන් 18 දෙනෙකු පෙනී සිටින අතර එහි පුටු පසින් සිටගෙන සිටින්නන්ගේ වමේ සිට 5 වැනියා හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී මහින්ද ඒකනායකය. වර්තමාන ලේඛකාධිකාරී ජයන්තා ධර්මසිරි හෝ හිටපු ලේඛකාධිකාරී අජිත් දමුණුපොල එහි නැත. මීට වසරකටත් වැඩි කාලයකට පෙර විශ්‍රාම ගිය ඒකනායක, විශ්වවිද්‍යාලය මෙහෙවන සාඩම්බර කණ්ඩායමේ, මේ වන තෙක්ම සිටින්නේ කෙසේදැයි මෙම පෝස්ටුව සකස් කළ නූතන අරිට්ඨ කී වෙංඩුලා කල්පනා කොට බැලිය යුතුය.
මෙහි දැක්වෙන ඇතැම් පුද්ගලයන් එවැනි ඡායාරූපයකට කිසි දින පෙනී සිට නැති අතර මෙවැන්නක් ප්‍රසිද්ධියට පත්කරන බවට ඔවුන් දැනුවත් කිරීමක්ද කර නැත. ඉතිහාසයේ කවරදාවත් උපාධි ප්‍රදානෝත්සවයක් වෙනුවෙන් නොකළ මෙවැනි කටයුතු මගින් එකී ඡායාරූපවල පෙනී සිටින්නන් හාස්‍යයටත්, අවමානයටත් ලක් කෙරෙන බව වටහා ගන්නට බලධාරීන්ට නොහැකිවීම කණගාටුවට කරුණකි.
මෙම අරිට්ඨ කී වෙංඩුලාගේ අපේක්ෂාව වෙනකකි. එය සැඟවීමට හැකි නොවේ. උපකුලපති මධුජිත්, තාක්ෂණය මගින් (විකට) නළුවෙකුට අන්දවා, නිරූපණ ශිල්පියෙකුගේ ඉරියව් මගින් ඡායාරූපවල දක්වමින් සිදුකර තිබෙන්නේ ඔහුගේ ඉදිරි උපකුලපති සිහිනය සඳහා වන මංපොර චරිතය ගොඩනැගීමේ ප්‍රචාරක ව්‍යාපෘතියේ තවත් අදියරක් ක්‍රියාත්මක කිරීම බව නොදන්නේ කවුද?
මෙම ඔළමොට්ටල කටයුත්ත මධුජිත්ගේ මහජන (අ)සම්බන්ධතා මෙහෙයවන මහේෂ් අබේවික්‍රම නම් නූතන අරිට්ඨ කීවෙංඩු විසින් සිදුකරන බව කියැවේ.
කෙසේ වෙතත් මෙම අමන උත්සාහය ලත් තැනම ලොප් වී තිබෙන බව එම පෝස්ටුව මේ වන විට අදාළ වෙබ් පිටුවෙන් ඉවත්කර ගැනීමෙන් තහවුරු වී තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් එල්ලවුණ බරපතල විරෝධය හේතු වී තිබෙන බවද විශ්වාස කටයුතු ලෙස දැනගන්නට ඇත.
උපකුලපති මධුජිත් ප්‍රවේශම් විය යුත්තේ උපකුලපතිවරුන්ද හෙළුවෙන් යැවීමට දතකන මෙවැනි නූතන අරිට්ඨ කීවෙංඩුලාගෙන් බව ලියා තැබීමට කැමැත්තෙමු.
Post Views: 17
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට!

Next Post

පොසොන් පොහොය දින තැබෑරුම් වසා නොදමන අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර!

Editor TTV News

Editor TTV News

Next Post
පොසොන් පොහොය දින තැබෑරුම් වසා නොදමන අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර!

පොසොන් පොහොය දින තැබෑරුම් වසා නොදමන අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved