කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ නව පහසුකම අද (02) සිට මහජනතාවට විවෘත කෙරිණි.
රජයේ ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්ත සහ ජනතා හිතකාමී කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් කර ඇත. මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී රෙජිස්ට්‍රාර් සහ වාහන ආදායම් බලපත්‍ර අංශ සඳහා ස්ථාපිත කළ POS යන්ත්‍ර විවෘත කිරීම ද සිදු විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට මුදල් රැගෙන යාමේ අවශ්‍යතාව ඉවත් කෙරේ. එමගින් කෙටි කාලයකින් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට හැකිවීම, මුදල් වංචා හා අස්ථානගත වීමේ අවදානම අවම වීම සහ ගනුදෙනු වඩාත් ආරක්ෂිත හා විනිවිදභාවයෙන් යුක්ත වීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වේගයෙන් ඩිජිටල්කරණය වන ලෝකයට අනුගත වෙමින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, මෙය රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන බවත්ය.
















