ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ විශාල පෞද්ගලික බස් රථ ප්රමාණයක් මගින් ක්රියාත්මක වන වත්මන් බස් සේවා පද්ධතිය තුළ පවතින දැඩි තරගකාරී තත්ත්වය හේතුවෙන් විවිධ ගැටලු රැසක් මතුව ඇති බව රජය විසින් හඳුනාගෙන තිබේ. වත්මන් පද්ධතිය තුළ කාලසටහන් නිසි පරිදි ක්රියාත්මක නොවීම, මාර්ගවල බස් රථ අධික වීම සහ අනාරක්ෂිත ධාවන රටා බහුල වීම වැනි තත්ත්වයන් දක්නට ලැබේ. මීට අමතරව මගී අපහසුතා, රථවාහන තදබදය සහ සම්පත් අකාර්යක්ෂම භාවිතය වැනි ගැටලු ද මතු වී ඇති බව හඳුනාගෙන ඇත. මෙම තත්ත්වයන් පාලනය කරමින් ගුණාත්මක බස් සේවාවක් ලබාදීම සඳහා ලෝකයේ රටවල් රැසක සාර්ථක වූ ‘පොකුරුකරණ’ ක්රමය ශ්රී ලංකාවට ද හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
















