දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම කඩාකප්පල් කිරීම, මත්ද්‍රව්‍යවල පවතින ජාලයන් දලම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, තත්ත්වයේ පසුවන්නන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජා බලගැන්වීම යන බහුවිධ අරමුණු මුල්කර ගනිමින් 2025 ඔක්තෝබර් 30 වන දින සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ 2026 ජූලි 06 වන දිනට අදාළ දත්ත වාර්තා වී තිබේ. එම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 579ක් සහ ග්‍රෑම් 266ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 792ක් සහ ග්‍රෑම් 307ක් පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 02ක්, ග්‍රෑම් 230ක් සහ ගංජා පැල 44,101ක් ද, කුෂ් කිලෝග්‍රෑම් 062ක් සහ ග්‍රෑම් 56ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. හෂීෂ් කිලෝග්‍රෑම් 009ක් සහ මිලිග්‍රෑම් 1,358ක් ද, මිනමෝර්ෆික් කිලෝග්‍රෑම් 228ක් ද, මාළා කිලෝග්‍රෑම් 217ක් ද මෙහෙයුම්වලදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 804ක් වන අතර, ඉන් සැකකරුවන් 06 දෙනෙකු රැඳවුම් භාරයට ලබා ගැනීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගැනීම්වල එකතුව 805ක් ලෙස සටහන් වන අතර, පුද්ගලයින් 05 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
















