දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 22 දෙනෙකු ඇතුළුව සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් දියත් කර ඇත. ඒ අනුව, පසුගිය 08 වැනිදා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 27,198ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, සැකපිට පුද්ගලයින් 619 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ඊට අමතරව, අදාළ මෙහෙයුම්වලදී දින වරෙන්තුකරුවන් 246 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
















