කොළඹ වරාය නගරයේ පාලමක් මත මාළු අල්ලමින් සිටි චීන ජාතිකයෙකු තවත් චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වරාය නගර පොලිසිය පවසයි.
ඊයේ (22) රාත්‍රියේ නවීන පන්නයේ ජීප් රථයකින් පැමිණි චීන ජාතිකයින් තිදෙනෙකු වරාය නගරයේ එල්ලෙන පාලම මත මාළු අල්ලමින් සිටියදී, වෑන් රථයකින් පැමිණි 15 දෙනෙකුගෙන් පමණ යුත් වෙනත් චීන ජාතිකයින් කණ්ඩායමක් ඔවුන්ට පහර දී මෙම පැහැරගැනීම සිදු කර තිබේ. එහිදී එක් අයෙකු පැහැරගෙන ගොස් ඇති අතර, ප්‍රහාරකයින් පැමිණි KDH වර්ගයේ වෑන් රථය එම ස්ථානයේ දමා ගොස් ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී එම වෑන් රථය තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර, පැහැරගෙන ගිය චීන ජාතිකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත. වරාය නගර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














