සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් පුරප්පාඩු වී පැවති ධුර සඳහා මෙම නව පත්වීම් සිදු කර ඇත.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී.














