මෑත කාලීනව වගා ව්‍යාපෘති මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ලබාගැනීමේ ව්‍යාපාර ව්‍යාප්ත වී ඇති බවත්, ඒවා බොහෝමයක් නීතිවිරෝධි තැන්පත් ලබාගැනීම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් වගා ව්‍යාපෘතියක් පෙන්වා ජනතාවගෙන් මුදල් ඉල්ලා මාසිකව මුදලක් හෝ ව්‍යාපෘතිය අවසානයේ විශාල ලාභයක් ලබාදෙන බව පවසන්නේ නම්, එය නීතිවිරෝධි ලෙස තැන්පත් ලබාගැනීමක් ලෙස සැලකිය හැකිය.
මෙවැනි ව්‍යාපෘති බොහෝමයක් පිරමීඩ ජාවාරම්වල ස්වරූපය ගන්නා අතර, දැනටමත් එවැනි ස්ථානවල මුදල් ආයෝජනය කර ඇත්නම් ඒවා වහාම ආපසු ඉල්ලා සිටින ලෙසත්, අදිමදි කරන්නේ නම් මහ බැංකුවට වහාම පැමිණිලි කරන ලෙසත් අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියයි.
මহ බැංකු අනුමැතියකින් තොරව තැන්පත් ලබාගැනීමට අදාළ දැන්වීම් පළ කිරීම වරදක් විය හැකි බැවින්, වෙළෙඳ දැන්වීම් භාරගැනීමේදී ඒවාට මහ බැංකු අනුමැතිය තිබේදැයි පරීක්ෂා කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ද කාරුණිකව ඉල්ලා සිටින ලදී.














