අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයට අදාළ මාර්ගගතව ප්‍රවේශ පත්‍ර සංශෝධනය කිරීමට ලබා දී ඇති කාලය ලබන මස 03 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දැනුම් දෙයි.
ලබන මස 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා උසස් පෙළ විභාගය රට පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2532කදී පැවැත්වේ.
මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කර තිබේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් තිබේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධන කර ගත යුතුය.
මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය, 0112784208 හෝ 0112784537 දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.














