බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින පිතිකරු ලිටන් දාස් (Litton Das) නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම මස මුලදී සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ එක්දින තරගාවලි පරාජයෙන් අනතුරුව, වසරකට ආසන්න කාලයක් එක්දින නායකත්වයේ රැඳී සිටි මෙහෙඩි හසන් මිරාස් (Mehidy Hasan Miraz) එම ධුරයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
ලිටන් දාස් දැනටමත් බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, මෙම පත්කිරීමත් සමග ඔහුට එක්දින සහ T20 යන සීමිත පන්දුවාර ආකෘති ද්විත්වයේම නායකත්වය හිමිවනු ඇත. කෙසේ වෙතත්, බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ෂැන්ටෝ (Najmul Hossain Shanto) තවදුරටත් කටයුතු කරනු ලබයි.














