කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා හි පිහිටි රැන්ඩොල්ෆ් විද්‍යාලය (Randolph College) අතර නව අධ්‍යයන සහයෝගීතාවක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මෙම සහයෝගීතාව ගොඩනැගී ඇත. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මුලපිරීමෙන් ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ යටතේ, රැන්ඩොල්ෆ් විද්‍යාලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මෙම සම්බන්ධතාව තහවුරු කරගෙන තිබේ.
මෙමඟින් දෙරටේම කලා සහ සෞන්දර්ය විෂය ධාරාවන් හදාරන සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලවලට අධ්‍යයන ක්ෂේත්‍රයේ නව අවස්ථා රැසක් උදාවන බව ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය.















