ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරීන් 47 දෙනෙකු (ශිෂ්‍යභට නිලධාරීන් 43ක් සහ නිලධාරිනියන් 4ක්) වෙත පත්වීම් ලිපි පිරිනැමීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
විධායක, ඉංජිනේරු, සැපයුම්, නාවික පාබල, විදුලි හා විද්‍යුත් සහ විනයාරක්ෂක යන අංශ සඳහා අයදුම්පත් යොමු කළ 625කට ආසන්න පිරිසක් අතුරින් මොවුන් තෝරාගෙන ඇත.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාපතිවරයා පෙන්වා දුන්නේ, මෙම පිරිස නාවික හමුදාවේ අනාගත නායකත්වය නියෝජනය කරන බවත්, ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් විනයගරුක සහ වෘත්තීයභාෂණයෙන් පිරිපුන් නිලධාරීන් ලෙස ඔවුන් ගොඩනැංවීමට නාවික හමුදාව කැපවී සිටින බවත්ය.















