පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පත්ව තිබේ. ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් ඔහු, සමස්ත ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකම කරගෙන ඇත.
විශේෂයෙන්ම, හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසගත වෙයි.













