ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියැනි ඉන්ෆැන්ටිනෝ සහ ලෝක ප්‍රකට පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර විශේෂ හමුවක් සිදුව තිබේ. මෙම සුහද හමුව අතරතුර, රොනාල්ඩෝගේ ඓතිහාසික ගෝල 1,000 ක වාර්තාගත සීමාව පිළිබඳව ඉන්ෆැන්ටිනෝ විශේෂයෙන් විමසා ඇති අතර, ඒ සඳහා සිය සුබ පැතුම් ද එකතු කර ඇත.
නිල වශයෙන් පාපන්දු ඉතිහාසයේ ගෝල 1,000 ක් සම්පූර්ණ කරන පළමු ක්‍රීඩකයා වීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දැන් ඉතිරිව ඇත්තේ තවත් ගෝල 22 ක් පමණි. බොහෝ දුරට 2026/27 පාපන්දු තරග වාරය තුළ මෙම වාර්තාව පිහිටුවීමට ඔහුට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සංවත්සරයක් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.














