උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව, අදාළ ප්රදේශවල ජනතාව දිවා කාලයේදී අධික උණුසුම පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, සජලව සිටීමට අවශ්ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. මේ අතර, ඉදිරි පැය 36 සඳහා ප්රදේශ රැසකට තද වැසි ඇති වීම සම්බන්ධයෙන් ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් වෙනම අනතුරු ඇඟවීමක් කර ඇත.














