ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇති බව එහි සාමාන්‍යාධිකාරී මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මීට වඩා විශාල ලාභයක් ලබා ගැනීමට හැකියාව තිබුණද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දීමට කටයුතු කිරීම නිසා ලාභයේ යම් අඩුවීමක් සිදු වූ බවයි. කෙසේ වෙතත්, එම සහනාධාර ලබා දීමෙන් අනතුරුව ද සංස්ථාව රුපියල් බිලියන 27 ක ස්ථාවර ලාභ මට්ටමක් පවත්වා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.














