රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ රාජ්ය තාන්ත්රික නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජනාධිපතිවරයාගේ බෑණා වන ජෙරඩ් කුෂ්නර් (Jared Kushner) රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණ තිබේ.
යුද්ධය අවසන් කිරීම සඳහා විශේෂ සාම යෝජනාවලියක් ද රැගෙන මොස්කව් වෙත ගොස් ඇති මෙම නියෝජිතයන් පිරිස, රුසියන් පාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉන් අනතුරුව යුක්රේන පාර්ශ්වය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා කීව් අගනුවර වෙත යාමට නියමිතව ඇත.














