සාම්ප්‍රදායික මර්කටර් (Mercator) ප්රක්ෂේපණයට වඩා ආන්තික කලාපවල සැබෑ ප්‍රමාණය මෙන් නොවී දිස්වන ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ ඕෂනියා වැනි කලාපවල භූමි ප්‍රමාණයන් වඩාත් නිවැරදිව හා විශාල ලෙස පෙන්වන නව ලෝක සිතියමක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කර තිබේ.
අප්‍රිකානු රටවල් කිහිපයක ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පදනම් වී ඇත්තේ මහාද්වීපික භූමි ස්කන්ධයන් වඩාත් නිවැරදිව නිරූපණය කිරීමයි. ඒ අනුව, මෙම යෝජනාව සඳහා රටවල් 164 ක අනුමැතිය හිමිවී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර තවත් රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
නව සිතියම ‘සමාන පෘථිවි’ (Equal Earth) කාටොග්රැෆික් ප්රක්ෂේපණය ලෙස හැඳින්වෙන අතර, එය ලෝකයේ සිතියම් නිරූපණයේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉතා යෝග්‍ය විකල්පයක් බව අදාළ යෝජනාවේ දැක්වේ. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමටමුල් වූ ටෝගෝ හි විදේශ අමාත්‍ය රොබට් ඩුසි පවසා ඇත්තේ සිතියම් මඟින් අධ්‍යාපනය මඟපෙන්වන බවත්, පරිකල්පනය පෝෂණය කරන බවත්, සාමූහික සංජානනය කෙරෙහි බලපාන බවත්ය.














