එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අඛණ්ඩව සිදු කරන ලද “ප්‍රකෝපකාරී සහ සතුරු” ක්‍රියාමාර්ග හේතුවෙන් එම රට සමඟ පවත්වන ලද රාජ්‍යතාන්ත්‍රික සබඳතා වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට අල්ජීරියා රජය තීරණය කර තිබේ. අල්ජීරියා විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ආරක්ෂා කර ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බැවින් මෙම දැඩි තීර ගැනීමට සිදු වූ බවයි.
අදාළ තීරණය දැනුම් දීම සඳහා අල්ජීරියාවේ සිටින එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා ඇති අතර, එරටින් පිටව යාම සඳහා පැය හතළිස් අටක කාලයක් ලබා දී ඇත. කලාපීය ගැටලු සම්බන්ධයෙන් දෙරට අනුගමනය කරන වෙනස් ස්ථාවරයන් සහ ප්‍රතිපත්ති හේතුවෙන් මෑතකදී අල්ජීරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති සබඳතා ක්‍රමයෙන් පිරිහී ගියේය. විශේෂයෙන්ම, ඊශ්‍රායලය සමඟ සාමාන්‍ය සබඳතා ඇති කර ගැනීමට අල්ජීරියාව දැඩි ලෙස විරුද්ධ වන පසුබිමක, එමීර් රාජ්‍යය ‘ආබ්‍රහම් ගිවිසුම’ යටතේ ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම මෙන්ම බටහිර සහරා අර්බුදය සම්බන්ධයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් දැරීම මෙම මතභේදර වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.














