දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව සහ භෞතික සම්පත් සංවර්ධන ජාතික වැඩපිළිවෙල යටතේ දුම්රිය එන්ජින් රියදුරු සහායක තෙවන ශ්‍රේණියට බඳවා ගනු ලැබූ නවක නිලධාරීන් 100 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (14) සිදු කර තිබේ.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්රදානය කර ඇති අතර, දුම්රිය සේවාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මේ වසර තුළ පමණක් විවිධ තනතුරු සඳහා 1,500 කට ආසන්න සේවක පිරිසක් බඳවාගෙන ඇති බව සඳහන් වේ. එසේම, 2027 වසර සඳහාද දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක සහ තාක්ෂණ නිලධාරීන් ඇතුළු පුරප්පාඩු සඳහා තරග විභාග මත පදනම්ව බඳවාගැනීම් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
















