මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.
ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බව නිලධාරීන් සඳහන් කර තිබේ. ඒ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇත.
අධික වර්ෂාවත් සමඟ සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවෝන් දියඇලිවල ජල ප්‍රවාහයද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව, කොත්මලේ නැගෙනහිර සහ නෝර්වුඩ් ඇතුළු ප්‍රදේශ කිහිපයකට Level 3 (Red) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
















