තමන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අන්‍යයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකරන සමාජයක් බිහිකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹදී පැවති ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධ වැඩසටහනකට එක්වෙමින් බව වාර්තා වේ.
එම අවස්ථාවේදී මානව හිමිකම් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් ඇගයීමට ලක්කරමින් සම්මාන පිරිනැමීමක්ද සිදුකර ඇති අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් එහිදී සම්මානයට පාත්‍ර වූ බව සඳහන් වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සහ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද එහිදී සම්මානයට පාත්‍ර වූ බව වාර්තා වේ.
















