ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරන “අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්රික් මහා රැලිය අද (27) ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙම රැලි මාලාව සැප්තැම්බර් 6 වැනිදා කළුතර දිස්ත්රික්කයෙන් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුර සහ මාතර ඇතුළු දිස්ත්රික්ක කිහිපයක ජන රැලි පැවැත්වීමට කටයුතු කර තිබුණි.
ගම්පහ රැලිය පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිත බව සංවිධායකයන් විසින් දැනුම්දී තිබූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගී වීමට නියමිතය.
මෙම ජන රැලි මාලාවේදී ආණ්ඩුවේ දෙවසරක කාලය තුළ ක්රියාත්මක කළ වැඩසටහන් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ඇති බව වාර්තා වේ.
















